Health
වායු ගෙඩි සුව කරන්න සැත්කම් ඕනැ නෑ
රශ්නය - පසුගිය සති දෙකකට පෙර අප තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම හා එමගින් හට ගන්නා Hashimoto රෝගය ගැන සාකච්ඡා කළාග එම ලිපියේ ඊළඟ කොටසට යැමට පෙර ඩෙංගු රෝගය පැතිර යැමත් සමඟම එම රෝගය සඳහා ඔබ සොයාගත් පතෝලවලින් කළ හැකි ප්‍රතිකාරයක් ගැන ලිපි දෙකක් පළ කිරීමට සිදු වුණාග ඒ අනුව තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ ලිපිය පුරා දෙසතියක් පළ කරන්නට අපට බැරි වුණාග අද අප නැවතත් ඒ ලිපි පෙළ අරඹනවාග ඒ ලිපි පෙළ ආරම්භයේදී ඔබ අපට කිව්වා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමට අදාළව රෝග හතරක් තිබෙන බවග Hashimoto රෝගය ඉන් එකක්ග ඉතිරි රෝග තුන ගැන විස්තර කරන්නග
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපි අද කතා කරන්නේ Graves Disease නමැති තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝගය ගැනයිග මෙය මෙයට වසර 150 කට පෙර සොයාගත් රෝගයක්ග මේ රෝගය හට ගැනීමට ප්‍රමුඛතම හේතුව වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය පමණ ඉක්මවා ක්‍රියාකාරී වීමයිග මෙය autoimmune තත්ත්වයක්ග ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය සතුරකු ලෙස හඳුනා ගැනීම නිසා උද්ගත වන තත්ත්වයක්ග මෙවිට තයිරොයිඩ් ග්‍රන්ථිය පමණ ඉක්මවා හෝමෝන නිදහස් කරන්නට පටන් ගන්නවාග මෙය ජානමය උරුමයෙන් එන රෝගයක් වන අතරල ඕනෑම වයස් කාණ්ඩයක් තුළ සිටින කාන්තාවකට වැළඳීමට ඉඩ තිබෙනවාග ඉනුත් වයස 20 - 30 අතර කාන්තාවන්ට බහුලව වැළඳෙනවාග අධික විඩාවල ගර්භණීභාවයල දුම් පානය යන කාරණා නිසාත් මේ රෝගය හටගත් රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්විය හැකි බවත් අප මතක තබා ගත යුතුයිග
මේ රෝගය නිසා තයිරොයිඩ් හෝමෝන වැඩි වැඩියෙන් රුධිරයට එකතු වන අතර ඒ හේතුවෙන් රෝග ලක්ෂණ ගණනාවක් මතු වෙනවාග
ප්රශ්නය - මොනවද ඒ රෝග ලක්ෂණ
වෛද්‍ය වික්‍රමාරච්චි - කාන්සාවල විඩාවල බාහුවල මාංශ පේෂීන් පෙරැළීම හෘද ස්පන්දනය ඉහළ යැම හෝ හෘද ස්පන්දනය අක්‍රමවත් වීමල අධික ලෙස දහදිය දැමීමල නිසි ලෙස නින්ද නොයැම හෝ කිසිසේත්ම නිදා ගැනීමට නොහැකි තත්ත්වයක් හට ගැනීමල අජීර්ණය හෝ ආහාර ගත් සැනින් මළ පහ කිරීමට සිදුවීමල ඔසප් චක්‍රය අවිධිමත් වීමල වායු ගෙඩියක් හට ගැනීමල ඇස් නිලංකාර වීම සහ ඇස් පෙනීම දුර්වල වීම යන රෝග ලක්ෂණ මේ රෝගයට අදාළව පහළ වෙනවාග
ප්රශ්නය - වායු ගෙඩියක් හට ගත් විට එනම් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුණාම වේදනාවක් හට ගන්නවාදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ මගින් වේදනාවක් ඇති වනවා යෑයි ස්ථිරවම කියන්නට බැහැග බොහෝ විට වේදනාවක් ඇති නොවන්නටත් පුළුවන්ග එහෙත් මේ මගින් උගුර ඉදිමී තදබල කැස්සක් හට ගැනීමත් ආහාර ගිලීමට අපහසු වීමත් ඇතිවිය හැකියිග සමහර විට හුස්ම ගැනීම පවා අවහිර වීමට පුළුවන්ග
ප්රශ්නය - සැත්කමක් නොකර මෙය සුව කළ හැකිදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ස්ථිර වශයෙන්ම පුළුවන්ග අප මේවා ඕනෑතරම් සුව කරලාත් තිබෙනවාග තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම වසර දහස් ගණනක් පරණ රෝගයක්ග එදා සිටම හැම වෛද්‍ය ක්‍රමයකම මේ සඳහා ප්‍රතිකාර තිබුණාග සැත්කම් නොකර මේ සඳහා කළ හැකි ප්‍රතිකාර තිබෙනවාග ඒවා කසාය හා තෙල් වශයෙන් එන ප්රතිකාරග
නොමිලේ විස්තර සඳහා
0713464276රැ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks